දේශීය

පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් පළමු වැනි දා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සලකා ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරී සභාපතිවරුන්ගේ සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු නිලන්ත ඒකනායක ඊයේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000කට වැඩි සහන පැකේජයක් ලබා දීමට ද රජය විසින් සැලසුම් කර ඇති බවයි.

සාමාන්‍ය තත්ත්වයන් තුළ දිවයින පුරා ශ්‍රී ලංගම බස් රථ 5,500 ධාවනයේ යෙදෙන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනය වන බස් රථ ප්‍රමාණය 3,250ක්.

පළාත් ප්‍රවාහන පද්ධතිය තුළ ධාවනය වන බස් රථ සංඛ්‍යාව 18,500ක් පමණ වනවා.

Related posts

ඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

Leave a Comment