දේශීය

නිදන්ගත රෝග සහිත දරුවන් එන්නත්කරණය ඇරඹේ

(UTV | කොළඹ) – වයස අවුරුදු 12 ත් 19 ත් අතර, විවිධ රෝගාබාධ සහිත දරුවන් සඳහා එන්නත්කරණය, කොළඹ රිජ්වේ ආර්යා සහ අනුරාධපුර හා කුරුණෑගල ශික්ෂණ රෝහල්වල අදාළ සායනවලදී ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථානවලදී එලෙස දරුවන් එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බවයි.

Related posts

කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

Editor O

ත්‍රිකුණාමලය කෝවිලක් තුළ පුජක සහයකයෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment