Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ යමින් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් වර්ධනය වීම මීට හේතුව වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මදපෙරදින යුධ ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන සැපයුමට බාධා සිදුවිය හැකි බවද විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉරානය ලොව 7වැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වන අතර,  ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා ද වේ. ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට බාධා එල්ලවිය හැකි බවද සඳහන්. ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කරන්නේ ඉරානය සහ ඕමානය අතර පිහිටි සමූද්‍ර මාර්ගයෙනි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය,කුවේට් සහ ඉරාකය ද සිය ඉන්ධන ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර මාර්ගය භාවිත කරන බවද සඳහන්.

Related posts

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

Editor O

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment