Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා තීරුබදු අඩු කරගැනීමේ මෙහෙයුමේ, විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා මහින්ද

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ තීරුබදු සියයට 20 දක්වා අඩු කරමින් විධායක නියෝගය අත්සන් කිරීම පසුපස, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික මෙහෙයවීම් හේතුවූ බව වාර්තා වේ.

තානාපති මහින්ද සමරසිංහ ගේ රාජ්‍යතාන්ත්‍රික දක්ෂතා සහ ජාත්‍යන්තර වෙළඳ සබඳතා පිළිබඳ ගැඹුරු දැනුම හේතුවෙන්, එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් ඇතුළු නිලධාරීන් අතිශය කාර්‍ය බහුලව සිටි අවස්ථාවල පවා ශ්‍රීලංකාව වෙනුවෙන් වේලාව වෙන්කර ගැනීමට ඉවහල් වූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් සමඟ ජනාධිපති අනුර දිසානයක ගේ මාර්ගගත සාකච්ජාවද සූදානම් කරදීම මහින්ද සමරසිංහ මහතා සිදුකළ තීරණාත්මක මැදිහත්වීමක් බවද ආරංචිමාර්ග සඳහන් කළේය .

එකී ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට ඒ හේතුවෙන් නියෝජ්‍ය ඇමතිවරයෙකු ප්‍රමුඛ ඉහල පෙළේ නිලධාරීන් පිරිසකගේ සාකච්ජාවක් බවට පත්ව තිබූ ශ්‍රීලංකා – ඇමරිකා තීරුබදු සාකච්ජා සඳහා රාජතාන්ත්‍රික අගයක් එක්කර ගැනීමට හැකිවී තිබේ.

ඇමරිකානු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී මුලින් 44% ක්ව පැවති තීරුබදු සියයට 30 දක්වා අඩු කිරීමට මූලික එකඟතාවක් ඇති කර ගැනීමට හැකිව ඇත.

ඉන් අනතුරුව, ඔහුගේ අඛණ්ඩ උත්සාහයන් හේතුවෙන්, මෙම තීරුබදු සියයට 20 දක්වා තවදුරටත් අඩු කිරීමට ඇමරිකාව එකඟ කරවා ගැනීමට විවිධ නිලධාරීන් සොයාගොස් සාකච්ජා පවත්වමින් ශ්‍රීලංකාව වෙත සහනයක් ගැනීමට කටයුතු කර තිබේ.

මෙහිදි ජනාධිපති අනුර දිසානයක ද මහින්ද සමරසිංහ මහතා සම්බන්ධව විශ්වාසයෙන් කටයුතු කිරීම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ , මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මෙන්ම වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරයාද තොරතුරු ලබා දෙමින් පූර්ණ සහායක් ලබාදී තිබේ.

තානාපති සමරසිංහ මහතාගේ රාජතාන්ත්‍රික උපායමාර්ගික මැදිහත්වීම්, ව්‍යාපාරික දැනුම සහ ගෝලීය අත්දැකීම් මෙම ජයග්‍රහණයට මූලික හේතු වී ඇත. ඔහුගේ මෙම උත්සාහයන් ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබන අතර, අනාගතයේදී දෙරට අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එය ඉවහල් වනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම 20% ක තීරුබදු සහනයක් ගැනීමට හැකිවීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ස්තූතිය පළකර සිටියේය.

Related posts

මාතලේ පාසල් දැරියන් 43කට හදිසියේ ශ්වසන අපහසුතා ඇති වෙයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

ஜனாதிபதி இன்று இந்தோனேசியா பயணம்

Mohamed Dilsad

Leave a Comment