ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රීී ලංකාවෙන් ක්‍රීඩකයන් 35 දෙනෙක්

(UTV | කොළඹ) – පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රීී ලංකාවෙන් ක්‍රීඩකයන් 35 දෙනෙකු රැගෙන යාමට ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.

ශ්‍රීී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් හා ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවක දී එම තීරණය ගනු ලැබීය. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයන් 19 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට භාරදී ඇතත් කණ්ඩායමේ කිසියම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම්ලබන මස 10 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතී.

දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20 යි 20 තරගාවලියේ දී ආබාධයකට ලක්වු ළහිරු මධුශංක වෙනුවට මිනෝද් භානුකට කණ්ඩායමේ අවස්ථාවක්ි හිමිවනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

Related posts

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

උසේන් බෝල්ට්ගේ නවතම ඉලක්කය සඵල වෙයිද?

Mohamed Dilsad

Leave a Comment