විදෙස්

ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට

(UTV | චීනය) – ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව ඒකාබද්ධව ඇති කර ගත් ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට ලක් වෙයි. එය වගකීම් විරහිත හා දුරදිග නොබලා ගත් වැරදි තීරණයක් ලෙස චීනය හඳුන්වයි. ඉන්දු ශාන්තිකර කලාපයේ චීනයේ නැගී සිටීම හා එරට හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම රටවල් තුනේ දැඩි අවධානය යොමුවී ඇති අතර ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට මග හෙලි කළේ එයයි.

ගිවිසුමට අනුව න්‍යෂ්ටික බලැති සබ්මැරීන් නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය ඔස්ට්‍රේලියාවට සැපයීමට අනෙක් රටවල් දෙක එකග වී සිටී. එවැන්නක් සිදු වන පළමු අවස්ථාව මෙයයි.

Related posts

උතුරු කොරියාව දැඩි තීරණයක

Mohamed Dilsad

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

Mohamed Dilsad

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment