දේශීය

නාරාහේන්පිට අත් බෝම්බයක් : විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට

(UTV | කොළඹ) – නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

එමෙන්ම නාරාහේන්පිට පොලිසියද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් හඳුනාගැනීමට මේ වනවිට සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය සඳහන් කලා.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දගරයක අමුණා පසුව පුපුරායන ලෙසයි මෙම අත්බෝම්බය සකස් කර තිබී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සේවකයෙකු ඇතුලු 03 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Related posts

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment