දේශීය

ඌරුමලේ මුහුදේ මෙහෙයුමක්

(UTV | කොළඹ) – තලෙයිමන්නාරමේදී රුපියල් මිලියන 79 කට අධික විථීයේ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9.9 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මගින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පාර්සල් 10ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් සමග ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 37ත් අතර වයස්වල පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

අදාළ සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ මන්නාරම පොලීසිය වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසී ය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

උණුසුම් කාළගුණ තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

Leave a Comment