විදෙස්

ඇෆ්ගන් යුද්ධය අවසන් බව තලෙබාන්වරු කියයි

(UTV | ඇෆ්ගන්) – ඇෆ්ගන් යුද්ධය මුළුමනින්ම අවසන් බවට තලෙබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ඊයේ (06) නිවේදනය ක‌‌‌ළේය.

එමෙන්ම කිසිදා තලෙබාන්වරුන්ට යටත් නොවූ පන්ජ්ෂීර් නිම්නය ද ඊයේ යටත් කරගැනීමට හැකිවූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කර තිබුණි.

තලෙබාන් සටන්කාමීන් පන්ජ්ෂීර් නිම්නයේ සිය ධජය ඔසවමින් විජයග්‍රහණය සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍යට මුදාහැර තිබුණි.

කෙසේවෙතත් ඇෆ්ගන් ප්‍රතිරෝධි ජාතික පෙරමුණු හමුදාව පවසන්නේ උපායමාර්ගික ක්‍රමවේදවලට අනුව තවදුරටත් සටන් වදින බවය.

මේ අතර තලෙබාන්වරු රටේ බලය අත්පත්කර ගැනීමෙන් පසු පළමුවරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී සිසුන් සහ සිසුවියන් වෙන්කරමින් පන්තිකාමර තිරයකින් කොටස් දෙකකට බෙදා තිබුණි.

අල්කයිඩා ත්‍රස්තවාදීන් අමෙරිකාවේ පෙන්ටගනයට සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළේ සැප්තැම්බර් 11 වැනි දිනක බැවින් ඇෆ්ගන් නව රජය ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය බොහෝදුරට සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය මත පළ කරයි.

එම උත්සවයට රුසියාව, කටාර් සහ තුර්කියේ ආරාධිතයන් පිරිසක් සහභාගිවීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ එන්නත්කරණ පෙරහුරුව අද

Mohamed Dilsad

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment