දේශීය

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරලා

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි.

රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවසුවා.

ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණක් බවත් පවසන සභාපතිවරයා එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බවද කියා සිටියා.

ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසුවා.

Related posts

සමෘද්ධි ලාභීන්ගෙන් සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය නතර නොකෙරේ

Mohamed Dilsad

මැදපෙරදිග සිටි ලාංකිකයන් 411 ක් දිවයිනට – 267 ක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment