දේශීය

අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – ඉන්ධන ලබා දී තිබියදිත් ඊයේ රාත්‍රියේ අක්‍රිය වු කැළණිතිස්ස බලාගාරය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඉන්ධන නොමැති විම හේතුවෙන් පසුගියදා කැළණිතිස්ස බලාගාරය අක්‍රියවීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක් සිදු කිරිමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ.

කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වු පරිදි ඊයේ දිනයේදි ඩීසල් මෙට්‍රික් ටොන් දසදහසක් කැළණිතිස්ස බලාගාරයට ලබා දිමට කටයුතු කළා.

එලෙස ඉන්ධන ලබා දෙන අතරතුර ඉන්ධන සම්ප්‍රේෂණ නළයේ පීඩනය එකවර අවම වීමෙන් එම බලාගාරය පැය කිහිපයක් අක්‍රිය වු බවයි විදුලි ඉංජිනේරුවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට හේතුව ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් දැයි සැකයක් මතු වන බව ද වාර්තා වනවා.

කැලණිතිස්ස බලාගාරයේ තෙල් නළ සම්බන්ධයෙන් මේ වනවිට සොයා බැලිමක් සිදු කෙරන අතර, අද පෙරවරුවේ අක්‍රිය වු කැළණිතිස්ස බලාගාරය නැවත ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිමට හැකි වු බවයි එහි ඉංජිනේරුවන් සඳහන් කළේ.

ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගා වොට් 165ක ධාරිතාවයක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගවොට් 115ක් මේවනවිට උත්පාදනය කෙරෙමින් පවතිනවා.

විදුලි බල මණ්ඩලයෙන් ලැබුණු ඩීසල් තොග දින 7ක් සඳහා ප්‍රමාණවත් වන බවයි විදුලි බල මණ්ඩල සඳහන් කළේ.

Related posts

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයි

Mohamed Dilsad

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment