Trending Newsඑසැන පුවත්දේශීය

ඒකාබද්ධ රැළියට එන්න දිගම්බරම් සූදානම්…!

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක්ව මේ මස නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය, වත්මන් දේශපාලන තත්ත්වය අනුව හොඳ දෙයක් බවත්, ඒ සඳහා දමිළ ප්‍රගතිශීලී සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවත් එම සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පැවසීය.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳව නොවැම්බර් ( 01) වනදා හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, වත්මන් රජය බලයට පත්වී වසරක පමණ කාලයක් ගතවන තෙක් විපක්ෂය “විපරමෙන් බලා සිටි” බවයි.

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, ඉදිරියේදී රජයට විරුද්ධව කටයුතු කිරීම සඳහා විපක්ෂය මේ වන විට සැලසුම් කරමින් සිටින බවයි.

Related posts

நாடளாவிய ரீதியல் முதலிடத்தைப் பிடித்துள்ள மாணவர்கள்

Mohamed Dilsad

SLFP composition in Unity Government will remain intact

Mohamed Dilsad

Lankan Muslim IDPs still in Colombo 28-years after eviction; Minister Rishad Bathiudeen to discuss their housing issues with Minister Sajith Premadasa

Mohamed Dilsad

Leave a Comment