ක්‍රීඩාදේශීය

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

(UTV | කොළඹ) – ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රඩකයින් විශ්‍රාම ගැනීමට මාස තුනකට පෙර කලින් දැනුම් දිය යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

ඊයේ හවස රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ජාතික මට්ටමේ ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමේ දී අනුගමනය කළ යුතු නව ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් ඒ පිළිබඳ මාස තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වෙනවා.

එමෙන් ම එම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වෘත්තීය මට්ටමෙන් වෙනත් රටවල වෙනත් ක්‍රිකට් ලීගයන්ට එක් වීමේ දී ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය සහිත ලිපිය නිකුත් කරනුයේ ඔහු විශ්‍රාම ගත් දින සිට මාස 6ක් ගත් වූ පසු ව බවත් ස්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment