විදෙස්

ඉන්දියාවේ එන්නත්කරණ පෙරහුරුව අද

(UTV | ඉන්දියාව) – කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධ මූලික පෙරහුරුවක් ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල අද (02) සිදුකෙරෙනු ඇත.

ඒ ඔක්ස්ෆර්ඞ් එන්නතට එරට විශේෂඥ කමිටුවක් විසින් ඊයේ දිනයේදී මූලික අනුමැතිය දීමෙන් අනතුරුවයි.

මීට පෙර පසුගිය 28 – 29 දිනවලදී ඇසෑම් , අන්ද්‍රා ප්‍රදේශ් , පංජාබ් සහ ගුජරාට් ප්‍රාන්තවලදීද මෙවැනිම මූලික පෙරහුරු සිදුකරනු ලැබීය.

අද දිනයේදී ඉන්දියාව පුරා පුද්ගලයන් 96,000 ක් යොදා ගනිමින් මෙම එන්නත්කරණ අත්හදා බැලීම සිදුකෙරෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙහිදී සැබෑ වශයෙන් එන්නත් කිරීමක් සිදු නොවන අතර සැබෑ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසු උද්ගතවිය හැකි ගැටලු සඳහා විසඳුම් සෙවීම පමණක් සිදුකෙරෙයි.

 

Related posts

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

Mohamed Dilsad

චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි

Mohamed Dilsad

Leave a Comment