විදෙස්

චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි

(UTV | චීනය) – චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100 වෙනි සංවත්සරය බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී අද (1) පැවැත්විණ.

1921 වසරේ 50කට වැඩි සාමාජිකයන් ගෙන් ස්ථාපිත වූ චීන කොමියුනිසට් පක්ෂයේ අද වන විට මිලියන 95කට වැඩි සාමාජික පිරිසක් සිටිති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව‍යෙන් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජන ජීවිතය ලොවට සුවිශේෂ අයුරෙන් දැවැන්ත පරිවර්තනයක් සිදු කර ඇත. ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑම් සහිත ලෝකයේ ප්‍රථම පාලක පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා එම උත්සවය අමතා වැදගත් දේශයක් පැවැත්වීය.

අංග සම්පූර්ණ සුවපහසු චීන සමාජයක් ගොඩ ගැනීමට හැකි වී ඇතැයි ෂී ජින් පිං මහතා එම උත්සවයේදී ගම්භීරව ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ජනතාවගේ අඛණ්ඩ උත්සාහය යටතේ එවැනි ජයග්‍රහණයක් ලබා ගත් චීනය, නවීන හා බලවත් සමාජවාදී රටක් අංග සම්පූර්ණයෙන් ගොඩනැගීමේ ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව හෙතෙම පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම 70 දහසකට වැඩි පිරිසක් සාංවත්සරික උත්සවයට එක්ව සිටියහ.

Related posts

පාකිස්තාන මහ මැතිවරණය නොවැම්බරයේ ?

Mohamed Dilsad

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment