දේශීය

රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක්

(UTV | කොළඹ) –  දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදු වන පාඩුව රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන පාඩුව රුපියල් කෝටි 40කට වැඩිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් කෝටි 50 කට අධිකය. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එම ආදායම කෝටි දහය දක්වා පහත බැස ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කොරෝනා පැතිරීමෙන් ලංකාව ආසියාවේ දෙවැනි තැනට

Mohamed Dilsad

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

Mohamed Dilsad

Leave a Comment