දේශීය

අද දිනය තුළ කොරෝනා මරණ 5ක්

(UTV |කොළඹ ) – අද දිනය තුළ කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇත.

කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු පිඹුර මූලික රෝහලේදීද, වැල්ලම්පිටිය පදිචි 68 හැවිරිදි කාන්තාවක කොළඹ ජාතික රෝහලේදීද මියගොස් තිබේ.

කොළඹ 12 පදිංචි 58 හැවිරිදි කාන්තාවක සිය නිවසේදී මිය ගිය අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී ඇය කොරෝනා මරණ ආසාදිතයකු බව තහවුරු වුණි .

කොළඹ 14 පදිංචි 73 හැවිරිදි කාන්තවක හා කොළඹ 15 පදිංචි 74 හැවිරිදි පුද්ගලයකුද සිය නිවස් තුලදී ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණවලදී ද තහවුරු වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහත් පවසයි.

Related posts

වෙසක් පුන් පොහෝ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති පිංකම

Editor O

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

Mohamed Dilsad

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment