දේශීය

රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක්

(UTV | කොළඹ) –  දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදු වන පාඩුව රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන පාඩුව රුපියල් කෝටි 40කට වැඩිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් කෝටි 50 කට අධිකය. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එම ආදායම කෝටි දහය දක්වා පහත බැස ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

Leave a Comment