දේශීය

අජිත් රෝහණගේ සෞඛ්‍ය තත්ත්වය සහ ව්‍යාජ ඡායාරූප

(UTV | කොළඹ) –  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එහි ප්‍රතිකාර ලබන බවට පෙන්නුම් කෙරෙන ඡායාරූපත් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින නමුත් ඒවා ව්‍යාජ ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු බව පොලිස් මූලස්ථානය දැනුම් දීමක් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ, එලෙස පළ වන ඡායාරූප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නොවන බවත් වෙනත් නොදන්නා පුද්ගලයෙකුගේ බවත්ය.

එම ඡායාරූප TikTok ගිණුමකින් පළ කර ඇති බවට අනාවරණය වී ඇති බව ද පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

අජිත් රෝහණ මහතා දැනට කොරෝනාවෛරසය ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැනට සුව අතට පත් වී ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අතර අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව පෙනී යන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යවල පළ වී තිබිණි.

Related posts

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

නිවෙස්වල සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment