දේශීය

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

(UTV | කොළඹ) – පෞද්ගලික බස් හිමියන් සඳහා ටයර්, බැටරි සහ ඔයිල් මිලදී ගැනීමේදී සහනදායී වට්ටමක් හිමිවන වව්චර් පත්‍රයක් පිරිනැමීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

අන්තර් පළාත් බස් රථ 3200 ඇතුළු පෞද්ගලික බස් රථ 18,000 සඳහාම මෙම සහනය ලබා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රථමයෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන් සඳහා මෙම වව්චර් පිරිනැමීමටත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පළාත් බස් හිමියන් සඳහා එම වව්චර් පිරිනැමීමටත් පියවර ගන්නා බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසීය.

මේ වන විට වෙළද ආයතන හා සමාගම් කිහිපයක් සමගින් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් සමාගම් කිහිපයක් මීට කැමැත්ත හා එකඟත්වය පළකර තිබෙන බවත් ලබන සතියේ සිට මෙම සහන වව්චර් ප්‍රදානය කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම කීවේය.

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O

Leave a Comment