දේශීය

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

(UTV | කොළඹ) – සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට(24) හා අනිද්දා(25) විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .

ඒ, ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහායි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම කෘෂි නිෂ්පාදන ප්‍රදේශීය ලේකම්වරු හරහා ජනතාව වෙත බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවය.

තම නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අනියත බියක් ගොවීන්ට ඇති කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Related posts

අදානි සමාගමට රු. මිලියන 300ක වන්දියක් මහජන මුදලින් ගෙවීමට මාලිමා ආණ්ඩුව සූදානම්වෙයි…?

Editor O

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

Mohamed Dilsad

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

Leave a Comment