දේශීය

දුම්රිය ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වර්ජනයත් සමග සියලු මාර්ග වල දුම්රිය ගමන්වාර සීමා වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ ප්‍රමාදයකින් යුතුව දුම්රිය ධාවන කටයුතු සිදු වන බවයි.

වර්ජනයත් සමසග දුම්රිය ස්ථාන වල ප්‍රවේශපත්‍ර කවුලුද අද දිනයේදී වසා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබූවේ පවතින කොරෝනා වසංගතය හමුවෙන් දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාවට රජය මගන් ප්‍රමාණවත් පරිදි නිසි පහසුකම් ලබා දී නොමැති බව පවසමින්.

සිය වර්ජනය ආරම්භ කර පැය 12ක කාලයක් ගත වුවද මෙතෙක් සාකච්ඡාවක් ලබා දීමට හෝ බලධාරීන් පියවර ගෙන නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කලා.

වර්ජනයත් සමග කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථානවල පාලු ස්වාභාවයක් නීරීක්ෂණය වන බව අප වාර්තාකරුවන් සඳහන් කලා.

Related posts

කැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

Mohamed Dilsad

Leave a Comment