දේශීය

සංචරණ සීමා තර කෙරෙන සියලු පළාත් මායිම්වලට ත්‍රිවිධ හමුදා සහාය

(UTV | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා නැවත වරක් තර කිරීමත් සමග එම මායිම් අසල ස්ථාපිත මාර්ග බාධක සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

පොලිසියේ සහායට අවශ්‍ය ස්ථානයන් සඳහා මෙලෙස ඊයේ (අගෝස්තු 12) දින සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නැවත වරක් පළාත් අතර සංචරණ සීමා තර කළ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර ගමන් කිරීමට ජනතාවට හැකියාවක් පවතී.

මෙම නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

Mohamed Dilsad

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment