දේශීය

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

(UTV | කොළඹ) – මෙරට දිනක දී සිදු වූ වැඩි ම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වීමත් සමඟ යි.

එලෙස සියය ඉක්මවා කොරෝනා මරණ වාර්තා වූයේ අඛණ්ඩ ව තුන් වන දිනට යි.

මේ අතර තවත් නව ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වුණා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණවලින් 95ක් ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් ද ඊයේ වාර්තා වූ අතර, සෙසු මරණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30ත් 59 ත් අතර පුද්ගලයින්ගෙන්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,464ක් ලෙසින්.

තවත් ආසාදිතයින් 2987ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 342,079ක් වනවා.

Related posts

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

අද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

Mohamed Dilsad

Leave a Comment