දේශීය

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

(UTV | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අදාළ දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි 04ක් ක්‍රියාත්මක වීම වළකාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්

Editor O

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment