දේශීය

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු අද (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

Related posts

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි.

Editor O

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

Leave a Comment