දේශීය

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 1,430 ක්ද සිටින බවයි.

පොලිස් නිළධාරින් 18, 357 දෙනෙකු මෙම මෙහෙයුමට දායක වී ඇත.

දිවයිනම ආවරණය වන පරිදි සතිපතා මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

 

Related posts

පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

Leave a Comment