Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු, මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව, බන්ධනාගාර ගත කර සිටියදී, අද (20) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 

මෙම චීන ජාතිකයන් පිරිස මෙරට අධිකරණය මඟින් වැරදිකරුවන් වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව ඔවුන් පිටුවහල් කිරීමේ තීරණය මත වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණි.

බස් රථ 05ක පටවා ගත් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණි.

මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රීලංකන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.

Editor O

இலங்கைக்குள் மரண தண்டனையை அமுல்படுத்த ஐ.தே.க எதிர்ப்பு

Mohamed Dilsad

சிவகார்த்திகேயனுடன் இணைந்த நயன்தாரா

Mohamed Dilsad

Leave a Comment