දේශීය

මහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට අමතරව එම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කර සිටියාය.

එහිදී ඇය පැවසුවේ “විශේෂයෙන්ම මේ මහර බන්ධනාගාරය ඇතුළත් පළායෑමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තබා නවත්වා ගැනීමට හැකියාව ලැබුණත්, ඇතුළේ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය රිමාන්ඩ් රැඳවියන්. අපි ඒක වැලිකඩත් දැක්කා. අච්චු කරපු අය එක්ක ඝට්ටනයක් ඇති වුණා. මහර බන්ධනාගාරය තුළ විශාල දේපළ හානියක් සිදුවුණා. ගිනි තිබ්බා. පොලීසිය, කැරළි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකාය යොදවලා දැන් සියලු කටයුතු මර්දනය වෙලා තියෙනවා.“

Related posts

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment