දේශීය

බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

(UTV |කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැය කර ජී.අයි.බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසිනි.

මේ අතර, 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් පනස්ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණි.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවය.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කළැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා, සීඅයිඩී ය ට කැඳවයි….

Editor O

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්න

Mohamed Dilsad

වවුචර්පත් වෙනුවට යළිත් නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

Leave a Comment