අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ 12 වෙනිදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
.පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්න කියලා සීඅයිඩී එකෙන් මට ඊයෙ ඇවිල්ලා කිව්වා. සඳුදා පෙරවරු 10.00 ට සීඅයිඩී එකට එන්න කියලා තියෙනවා. මම රටේ ජනතාවට කියනවා මේං ආණ්ඩු. ඔබ පත්කරපු මේං ආණ්ඩු. මේවා ඇත්තටම සෙල්ලම් ආණ්ඩු. රූපවාහිනී වැඩසටහනක මම කියපු දෙයක් පිළිබඳව එයාලා පරීක්ෂණයක් කරනවා. වැඩ නැති ආණ්ඩුවකට වැඩ හදාගන්නවා. මේවා වැඩද මං අහන්නෙ, මේවාද කරන්න තියෙන වැඩ ?”
“
