දේශීය

වවුචර්පත් වෙනුවට යළිත් නිල ඇඳුම් රෙදි

(UTV | කොළඹ) – පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නිල ඇදුම් රෙදි, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සපයා ගැනීමටද තීරණය කර ඇති අතර , මේ සඳහා රුපියල් කෝටි 210 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම 1993 වසරේ සිට සිදු වූ අතර 2015 සිට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබා දීම සිදු විය.

Related posts

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

Editor O

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තවත් 1,691කට සුවයි

Mohamed Dilsad

Leave a Comment