Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු වරප්‍රසාද ඉස්සරහට දාලා මාධ්‍යට තර්ජනය කරන්න එපා ! – පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

වත්මන් ආණ්ඩුව පුවත්පත් කතුවරයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගේන්න යෝජනා කරමින් වැරැදි සම්ප්‍රදායක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඊට ඉඩදිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

එම ක්‍රමවේදය වැරදි මෙන්ම මාධ්‍යට සිදුකරන තර්ජනයක් බව සඳහන් කළ මන්ත‍්‍රීවරයා වත්මන් පාලනය බලයට පැමිණියේ එවැනි කටයුතු සඳහා පාර්ලිමේන්තුව පාවිච්චි නොකිරීමට පොරොන්දුවී බවද සිහිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ අදහස් පළකර සිටියේ අද (04) පාර්ලිමේන්තුව අමතමිනි .

ඔහුගේ මේ අදහස් දැක්වීමට පදනම් වූයේ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් එම මාධ්‍යවේදින් සහ ප්‍රධාන සංස්කාරකවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට ජාතික ජනබලවේගය පක්ෂයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉල්ලා සිටින තත්ත්වයට විරෝධය දැක්වීමය.

අද පාර්ලිමේන්තුවේදී සති අග අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියක් සම්බන්ධව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වන අනිල් ජයන්ත ප්‍රනාන්දු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ අතර මීට පෙර ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ඩේලි මිරර් පුවත්පතේ පළවූ පුවතක් සම්බන්ධව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළාය.

Related posts

පස්සර අනතුර – බස් රථ සහ ටිපර් රථ රියදුරන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

20th Amendment to be presented as Private Member’s Bill – JVP

Mohamed Dilsad

அமைதி,நல்லிணக்கத்திற்காக அனைவரும் பிரார்த்திப்போம்

Mohamed Dilsad

Leave a Comment