දේශීය

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

(UTV | කොළඹ) – ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි.

ජලය ඇති ස්ථානවල මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් දෙදෙනෙකු පුහුණු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ , ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය බළධාරින් කරන කටයුතු වලට පොලිස් නිල සුනඛයින් ද , දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

Related posts

උප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය ගැන දැඩි පරීක්ෂණ

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment