දේශීය

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වෙයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් ඇත. 

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,011 ක් ලෙසටයි.‍

එකවර වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද මෙය වෙයි.

එමෙන්ම අද පෙරවරුවේ දිවයිනට ලැබුණු ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 න් 50,000 ක් පළමු මාත්‍රාව ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට ලබාදීමට නියමිතව ඇත.

අනෙකුත් එන්නත් මාත්‍රා 15,000 දෙවන මාත්‍රාව ලෙස ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබාදීමටයි නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියේය.

Related posts

කොරෝනා ආසාදිතයන් ගෙනගිය බස් රථය කැබ් රථයක ගැටී දෙදනෙක් මරුට හතකට තුවාල

Mohamed Dilsad

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

නව කැබිනට්ටුව ලබන සතියේ රැස්වේ

Mohamed Dilsad

Leave a Comment