දේශීය

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

(UTV | කොළඹ) – ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබේ.

කෙසේ වෙතත් ඒ සඳහා, වරාය පොලිසිය තමන්ට බාධා පමුණුවනු ලැබූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (අගෝස්තු 4) පැවත් වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරුන් 22 දෙනෙකු, ගුරුවරියන් 16 දෙනෙකු සහ සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නීති විරෝධි රැස්වීමක සාමාජිකයින් වීම, මහා මාර්ගයේ සිටිමින් අයුතු ලෙස අවහිර කිරීමේ වරද සිදු කිරීම, ජාතික මං මාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මත ඔවුන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිසෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ඇති බවත් අද (අගෝස්තු 5) දිනයේදී ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

මේ අතර, එම පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහිදී කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment