දේශීය

QR Code ක්‍රමයට දිවයින පුරා තෙල් දීම කල් යයි

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් ඛේත ක්‍රමය යටතේ අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ දිවයින පුරා ඉන්ධන ලබාදීමේ වැඩසටහන කල් දමා තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් තවත් ඉන්ධනහල් කිහිපයකදී අද දිනයේ එය ක්‍රියාත්මක වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25 ක් යොදාගනිමින් නියමු ව්‍යාපෘතිය අත්හදා බැලීමේ කටයුතු අවසන් කර ඇතැයිද අමාත්‍යංශය කියා සිටියා.

කිව් ආර් ඛේත ක්‍රමය යටතේ සමස්ත දිවයින පුරා ඉන්ධන ලබාදීම ආරම්භ කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව සඳහන්.

දැනට හඳුනාගෙන ඇති දෝෂ කිහිපයක් නිරාකරණය කිරීමෙන් පසු අධියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කර සමස්ත දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි සැළසුම් කර ඇත්තේ.

පසුගිය සෙනසුරාදා වනවිට 35 ලක්ෂ 23 දහසකට අධික පිරිසක් ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් ඛේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී තිබුණා.

Related posts

හෙද සේවයේ ශ්‍රේණි 4ක විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ගෑස් මිල ගැන ගත් තීරණය

Mohamed Dilsad

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment