දේශීය

‘එළැඹෙන 9 වැනිදාක බලාගමු’ – අන්තරේ කැඳවුම්කරු ජනපතිට කියයි

(UTV | කොළඹ) – රාජපක්ෂවරුන්ගේ ද ආශිර්වාදය සහිතව ජනපති ධුරයේ දිවුරුම් දී පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් රනිල් තමාට සුපුරුදු බටලන්දේ ක්‍රියාකලාපය යොදා ගනිමින් සාමකාමී අරගලකරුවන්ට පහර දුන් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

මෙලෙසම ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීමට පැමිණි රාජපක්ෂවරුන්හට තම තනතුරු අතහැර පලාගොස් සැඟවී සිටීමට සිදු වූ බැවින් නිරායුද අරගලකරුවන්හට පහරදුන් රනිල් වික්‍රමසිංහ හට ද නුදුරේදීම තනතුරු අතහැර පලායාමට සිදුවනු ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා (23 වැනිදා) ගෝල්ෆේස් භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහි දී හෙතෙම මෙලෙස ද පැවසීය.

“කිසිම ජන වරමක් නැති, මහ දවල් මහ බැංකුව හොරා කාපු හොරෙක් තමයි මේ වෙද්දි විධායක ජනාධිපති කියන පුටුවට පත්වෙලා තියෙන්නේ. අරගලය ඇතුළේ අපි කියපු ප්‍රධාන දෙයක් තමයි රනිලුත් ගෙදර යන්න ඕනේ කියන එක. මොකද රාජපක්ෂලා ගැන වගේම රනිල් ගැනත් අපි පැහැදිලිවම දැනගෙන හිටියා. දවස් එකසිය තුනක් සාමකාමීව අරගලේ හිටිය පිරිසට පහර දීපු එකට වඩා දෙයක් රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ මොකද ඒ තමයි බටලන්දේ රනිල්ගේ විදිහ. හැබැයි ඔහු හිතනවා නම් මේ විදිහට ජනතා නැගීම මර්දනය කරන්න ජනතාව ඒ මර්දනයටත් උත්තර දෙන දවස වැඩි ඈතක නෑ.

Related posts

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

Mohamed Dilsad

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

Mohamed Dilsad

Leave a Comment