ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවේ සිටින තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

එසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ, යුවේන්ඩ්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් ය.

මේ අතර පසුගිය ජූලි 27 වන දා ඉන්දීය කණ්ඩායමේ තුන්ඉරිව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා ආසාදිත බවට වාර්තා විය.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස ක්‍රීඩකයින් 8 දෙනෙකු හඳුනාගත් අතර පසුව කණ්ඩායමේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කළේය.

එහිදී ආශ්‍රිතයින් 8දෙනා ට වෛරසය ආසාදනය වී නොමැති බව ජූලි මස 28 වන දා තහවුරු විය.

කෙසේවෙතත් පසුව අවසාන 20යි 20යි තරඟය ඊයේ (29) අවසන් වීමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී යුවේන්ඩ්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් දෙදෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

Related posts

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment