දේශීයප්‍රමුඛ පුවත 2

රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර

(UTV | කොළඹ) – ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් පොකුර (Star Sapphire Cluster) මෙරටින් හමුවී ඇතැයි වාර්තාවේ.

රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසක පිටුපස ළිඳක් කැණීමේදී මෙම ආර්නූල් මැණික් පොකුර හමුවී ඇත.

එය කැරට් මිලියන 2.5ක්, කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්ත බවට හඳුනා ගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් බවට ඇස්තමේන්තු කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්  අන්තර් ජාතික මැණික් විශේෂඥ ආචාර්ය ගාමිණී සොයිසා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර මෙවැනි බරකින් යුත් ආර්නූල් මැණික් සමූහයක් ශ්‍රී ලංකාවේ හමු වී නොමැති බවය.

“මීට කලින් ලංකාවේ හම්බවෙලා නැහැ. ඔච්චර ලොකු එකක්. හම්බවෙලා තියෙනවා ගල්. ඔය වගේ කිලෝ 500ක් හම්බවෙලා නැහැ.”

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය ගාමිණී සොයිසා මහතා ප්‍රකාශ කළේ, මෙම ආර්නූල් මැණික් සමූහය මව් පාෂාණයක් බවත් එය ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ බිහිවූ පාෂාණයක් බවය.

“භූවිද්‍යාත්මකව වටිනාකමක් තියෙනවා. මේක මව් පාෂාණයක්. මේක හැදිලා තියෙන්නේ වසර මිලියන 450කට කලින්. ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ හැදුණ පාෂාණවලින් බිහිවුණ කොරන්ඩම් පොකුරක්.”

Related posts

කොරෝනා වසංගතය නිසා ලොවපුරා සංචාරක රැකියා මිලියන 25ක් අවදානමේ

Mohamed Dilsad

ඇමති ලාල්කාන්ත කළ නින්දිත ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගන්න – ජාතික සංඝ සම්මේලනය

Editor O

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment