දේශීයප්‍රමුඛ පුවත 3

සුවසැරියට වසර පහයි

(UTV | කොළඹ) – සුවසැරිය 1990 ගිලන් රථ සේවයට අද දිනට (28) වසර පහක් සපිරේ.

2016 ජූලි 28 වනදා 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නියමු ව්‍යාපෘතිය ගිලන් රථ 88 ක් යොදා ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කළ අතර ඒ සඳහා ඉන්දියාව විසින් යළි නොගෙවිය යුතු ඩොලර් මිලියන 7.55 ක පරිත්‍යාගයක් සිදුකරන ලදී.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම සේවාව දිවයින පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 15.2 ක පරිත්‍යාගයක් සිදුකළේය.

මේ වනවිට 1990 සුවසැරිය ගිලන් රථ 297 ක් රට පුරා ක්‍රියාත්මක කර තිබෙන අතර එය මේ වනවිට සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් පාලනය වන්නේ 2018 අංක 18 දරණ 1990 සුවසැරිය පදනම පනත මගින් ඇතිකළ සුවසැරිය පදනම මගිනි.

මෙම සේවාව මගින් මේ වනවිට රෝගීන් 901173 දෙනෙකු රෝහල් ගතකර තිබෙන අතර සමස්තයක් ලෙස සලකා බැලූවිට රෝගියෙකු වෙත පැමිණීමේ සාමාන්‍ය කාලය විනාඩි 14 කුත් තත්ත්පර 28 ක් පමණ කාළයක් වාර්තා කර තිබේ.

Related posts

අගමැති තායිලන්තයේ සංචාරයක

Mohamed Dilsad

ඇඳිරි නීතිය අලුයම 05 ට ඉවතට

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

Mohamed Dilsad

Leave a Comment