ක්‍රීඩා

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට

තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර විස්සයි 20 තරගාවලියේ 3 වැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 141ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර 14යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 142ක් ලබා සිය ජයග්‍රාහණය වාර්තා කළේය.

ඒ අනුව තරගාවලිය 3 – 0 ක් ලෙස ජය හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම මේ වනවිට සමත්ව තිබේ.

මෙම තරගාවලියේ විශේෂත්වයක් වූයේ දිගු කලකට පසු ක්‍රිස් ගේල් ලකුණු අතරට පිවිසීමය.

මෙම තරගයේදී ක්‍රිස් ගේල් පන්දු 38ක් තුළ ලකුණු 67ක් වාර්තා කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමගිනි.

දෙරට අතර මීළඟ තරගය හෙට (14) පැවැත්වීමට නියමිතය.

Related posts

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

නිරෝධායනය නොවූ අෆ්රඩි අද තරඟයට

Mohamed Dilsad

සිම්බාබ්වේ – බංගලාදේශය අතර ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment