විදෙස්

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

(UTV | ෆ්ලෝරිඩා, ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් පුද්ගලයන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්වී තිබේ. මිය ගිය එක් අයෙකුගේ සිරුර සොයා ගෙන ඇත.

ඊයේ (24) රාත්‍රියේ ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි නිවාසවල සිටි බොහෝ පිරිසක් නින්දේ පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිරවී සිටි 37 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත්වුහ.

මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත විය. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ වහලය පසුගියදා ප්‍රතිසංස්කරණය කර තිබේ. කෙසේ වෙතත් මෙය කඩා වැටිමට හේතුව මෙතෙක් අනාවරණයවී නැත.

Related posts

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment