විදෙස්

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

(UTV | ෆ්ලෝරිඩා, ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් පුද්ගලයන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්වී තිබේ. මිය ගිය එක් අයෙකුගේ සිරුර සොයා ගෙන ඇත.

ඊයේ (24) රාත්‍රියේ ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි නිවාසවල සිටි බොහෝ පිරිසක් නින්දේ පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිරවී සිටි 37 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත්වුහ.

මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත විය. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ වහලය පසුගියදා ප්‍රතිසංස්කරණය කර තිබේ. කෙසේ වෙතත් මෙය කඩා වැටිමට හේතුව මෙතෙක් අනාවරණයවී නැත.

Related posts

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

ලැව් ගිනි නිසා සංචාරකයින් ඉවත් කෙරේ

Mohamed Dilsad

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

Mohamed Dilsad

Leave a Comment