ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට

(UTV | එංගලන්ත) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර කාඩීෆ් හිදී ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 111 ක් රැස් කළේය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සදහා පන්දුවාර 18 කදී ලකුණු 103 ක් රැස් කළයුතු විය. පන්දුවාර 16 යි එක් පන්දුවකදී කඩුලු 5 ක් දැවී ලකුණු 108 ක් රැස් කරමින් එම කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

කණ්ඩායම් දෙක අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයද එංගලන්ත කණ්ඩායම ජය ගත්තේය’ කණ්ඩායම් දෙක අතර 3 වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය සදම්ප්ටන් හිදී හෙට පැවැත්වේ.

ශ්‍රී ලංකා එංගලන්ත කණ්ඩායම් අතර එක්දින තරග 3 ක්ද පැවැත්වීමට විධිවිධාන යොදා තිබෙ.

Related posts

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිටින තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන අහිමිවුණේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment