විදෙස්

රුසියානු විද්‍යාඥයන්ගේ කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

(UTV | රුසියාව) – රුසියානු විද්‍යාඥයන් විසින් සංවර්ධනය කළ කොරෝනා වෛරස් එන්නතෙන් සාර්ථක ලෙස මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට හැකිවී ඇති බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සඳහන් කර ඇත.

ඒ බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව වෙත තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ අදාළ විද්‍යාඥයන් පිරිස විසිනුයි.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනංවන එම එන්නතෙහි හානිකර අතුරු විපාක දක්නට නොලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය මාසයේදී රුසියාව සිය කොරෝනා එන්නත දේශීය වශයෙන් භාවිතය සඳහා අවසර ලබාදුන්නේ එම පියවරට එළඹුණු ලොව ප්‍රථම රට ලෙසයි.

Related posts

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දීමන්

Editor O

ආදායම් උපයන නව සැලසුම් අප සතුයි – ශම්මි සිල්වා

Mohamed Dilsad

සෝවියට් දේශ‌යේ අවසන් නායකයා මිහායිල් ගොර්බචෙව් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment