දේශීය

මහනුවර – දිගන සිදුවූ කම්පනයට හේතුව හෙළිවෙයි

(UTV | මහනුවර) – පසුගියදා මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන කිහිපයකට අවස්ථා දෙකකදී සිදුවූ කම්පනයට හේතුව පොළව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථර අතර ඇතිවූ තෙරපුමක පීඩනය නිදහස් වීමක් බව අනාවරණ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයට පත්කල භූ විද්‍යාඥයන්ගේ කණ්ඩායම විසින් සකස් කළ වාර්තාව මගින් මේ බව පෙන්වා දී ඇත.

අදාළ කමිටුව විසින් ඊයේ දිනයේදී මෙම වාර්තාව තමන් වෙත දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේය.

මහනුවර දිගන ආශ්‍රිතව සුලු කම්පන තත්වයන් සිදුවූ ප්‍රදේශවල ඉදිරියේදීද එවැනිි කම්පන තත්වයන් සිදුවිය හැකි බවත් එමගින් කිසිඳු බලපෑමක් ඇති නොවන බැවින් කිසිඳු බියක් ඇතිකර නොගන්නා ලෙසත් අනුර වල්පොල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සෙනසුරාදා සහ සඳුදා දිනවලදී මහනුවර දිගන ආශ්‍රිත ගම්මාන කිහිපයකින් සුලු කම්පන තත්වයන් වාර්තා වූ අතර රික්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයක එය සටහන්ව තිබුණි.

Related posts

කොරෝනා මර්දනයට ජපානයෙන් ඩොලර් මිලියන 1.2 ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

මාළු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක්

Mohamed Dilsad

Leave a Comment