ගොසිප්

ගලේවෙල උපාධිධාරීන් තිදෙනකු පත්වීම් ගනිද්දීම නිවාඩු ඉල්ලලා

(UTV | කොළඹ) – ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පදිංචි උපාධිධාරීහු 230 ක්‌ රැකියා සඳහා පත්වීම් ලිපි ලබාදීම සඳහා පසුගිය 02 වැනි දින එම කාර්යාලයට කැඳවා තිබුණි.

එහිදී ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමටත් පෙර සිය දුක්‌ගැනවිලි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

එක්‌ උපාධිධාරිනියක්‌ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් ටෙලි නාට්‍යයක රඟපෑමට ගිවිසුමක්‌ ගසා ඇති බැවින් නිවාඩු දෙන ලෙසය.

තවත් උපාධිධාරිනියක්‌ පවසා ඇත්තේ තම සැමියා සේවය කරන ස්‌ථානයට ස්‌ථාන මාරුවක්‌ ලබාදෙන ලෙසටයි. තම කුඩා දරුවා මවට හුරුකරවීමට සති දෙකක නිවාඩුවක්‌ ලබාදෙන ලෙස තවත් උපාධිධාරිනියක්‌ ඉල්ලා ඇත.

රැකියාවක්‌ බලාපොරොත්තුව වසර ගණනාවක්‌ නිවෙස්‌වලට වී සිටි උපාධිධාරීන්ට පත්වීම් ලිපි භාරදීමටත් පෙර විවිධ හේතු පවසමින් නිවාඩු ඉල්ලීම ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ සිය මවිතය පළකළහ.

Related posts

ඔමික්‍රෝන් ලංකාවටත්..?

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ – ඇමති බන්දුල

Mohamed Dilsad

Leave a Comment