විදෙස්

ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර සංචාරක බුබුළක්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සදහා සංචාරක බුබුළක් ආරම්භ කිරීමට දෙරටෙහි නායකයන් අවධානය යොමු කර ඇත.   

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ සිංගප්පුරුව වෙත සංචාරය කල අතර එහිදී එරට අගමැති ලී සියෑන් ලුංග් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි සඳහන්.

ස්කොට් මොරිසන් පවසන්නේ සිංගප්පුරුව හොදින් කොරෝනා පාලනය හොදින් කර ඇති නිසා නිරෝධායන නොමැති සංචාරක බුබුලු කලාපයක් ආරම්භ කල හැකි බවයි.

කෙසේවෙතත් මෙම සංචාරක බුබුල ආරම්භ කෙරෙන දිනයක් මේ දක්වා සැළසුම් කර නොමැති අතර , දැනට ඕස්ට්‍රේලියාව සමග සංචාරක බුබුළක් ක්‍රියාත්මක වන්නේ නවසීලන්තය සමග පමණයි.

Related posts

එංගලන්තයේ අගුලු දැමීමේ නීති මාස ගණනකට පසුව ලිහිල් කරයි

Mohamed Dilsad

දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

පුටින් සහ චීන ජනාධිපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment