විදෙස්

පුටින් සහ චීන ජනාධිපති අතර හමුවක්

(UTV |  උස්බෙකිස්ථානය) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද (16 ) උස්බෙකිස්ථානයේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රටවල සමුළුවේදී පැවැත්වීමට නියමිතවේ. එම හමුවේදී යුක්රේන අර්බුදය සහ බලශක්ති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මෙම හමුව සදහා චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්ථානය, තජිකිස්ථානය, උස්බෙකිස්ථානය, කිරිගිස්ථානය ඇතුලු රටවල් කිහිපයක නියෝජිතයින් සහභාගිවී තිබේ. මෙම සමුළුව පසුගියදා ආරම්භවී ඇති අතර ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් සිදුවී තිබේ.

චීන ජනපති එහිදී යුක්රේනය සමග ඇතිවූ ගැටුම් කාරී තත්වය හමුවේ බටහිර රටවල්, රුසියාවට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. කුමන තත්වයේ බලපෑම් තිබුනද රුසියාව සමග කටයුතු කරන බවද චීන ජනපති එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

ඇමරිකාවේ අධික ශීතල හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 ක් අවලංගුයි…

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා චීනයට

Mohamed Dilsad

Leave a Comment