විදෙස්

පුටින් සහ චීන ජනාධිපති අතර හමුවක්

(UTV |  උස්බෙකිස්ථානය) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද (16 ) උස්බෙකිස්ථානයේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රටවල සමුළුවේදී පැවැත්වීමට නියමිතවේ. එම හමුවේදී යුක්රේන අර්බුදය සහ බලශක්ති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මෙම හමුව සදහා චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්ථානය, තජිකිස්ථානය, උස්බෙකිස්ථානය, කිරිගිස්ථානය ඇතුලු රටවල් කිහිපයක නියෝජිතයින් සහභාගිවී තිබේ. මෙම සමුළුව පසුගියදා ආරම්භවී ඇති අතර ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් සිදුවී තිබේ.

චීන ජනපති එහිදී යුක්රේනය සමග ඇතිවූ ගැටුම් කාරී තත්වය හමුවේ බටහිර රටවල්, රුසියාවට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. කුමන තත්වයේ බලපෑම් තිබුනද රුසියාව සමග කටයුතු කරන බවද චීන ජනපති එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් (වීඩියෝ)

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

කොරෝනා ඉරානය තුළ යළිත් හිස ඔසවයි.ලිහිල් කළ සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment